මෙරට ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු විය හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.
යුක්රේනය හා රුසියාව ඇතිවී අතර ඇති යුද්ධ උණුසුමට සමගාමීව ලෝකයේ ඉන්ධන මිල විශාල ඉහළ යාමට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.
ඒ තත්ත්වය මත ශ‍්‍රී ලංකාවේද ඉන්ධන මිල ඉහල යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන අවසන් තීන්දුවක් ගෙන නැතැයිද හෙතෙම පැවසීය.
දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන්නේ විශාල පාඩුවක් දරා ගනිමින් බවද පැවසූ ඔහු නැවතත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු වුවහොත් එහි වාසිය ද ජනතාවට ලබාදිය යුතු බවට රජය දැඩි ස්ථාවරයක සිටින බවද කියා සිටියේය.
