gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්ට්‍රයික් කරන අයට ගහන්න යන්න එපා! ජනතාව ඒ අය ගැන බලාගනීවි! ජනපති පොලිස් ඇමැති වීරසේකරට දැනුම් දෙයි!

වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසත්, ඔවුන් සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කොට ඇත. ඊයේ (14)පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට ජනාධිපතිවරයා මෙම දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් රැස්වීමේ දී කළ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි .

ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇතැයි ද සදහන් කර ඇත

උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් , ඔවුන් දිගින් දිගටම වර්ජන හා උද්ඝෝෂණ කරන බවට සරත් වීරසේකර ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka