gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේ විශේෂ පණිවුඩයක් එවයි!

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා කතෝලික සභාව ගෙන යන සටනට පූර්ණ සහයෝගය ලබා දෙන බව පාප් වහන්සේ විසින් දැනුම් දී ඇතැයි, ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව රජයේ විමර්ශශනකටයුතු සම්බන්ධයෙන්, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ, සිය කණස්සල්ල, පාප් වහන්සේ වෙත දැනුම් දී ඇති බවද ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇති බවට, හිටපු නීතිපති, දප්පුල ද ලිවේරා සිදු කළ ප‍්‍රකාශය පිළිබදව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමා යෝජනා කරයි.

එමෙන්ම, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම මගින් සිදු කර තිබෙන නිර්දේශ සියල්ල ඒ ආකාරයෙන් ම කි‍්‍රයාත්මක කිරීම කතෝලික පල්ලියට අවශ්‍යව ඇති බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි.

වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම තව දුරටත් ප‍්‍රමාද වන්නේ නම්, ප‍්‍රශ්නය ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට පසුබට නොවන බවද උන් වහන්සේ පවසා තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka