gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා මුහුදෙන් කොටසකුත් වෙන්දේසියේ : මාසයකින් වෙන දේ මෙන්න

ලබන මාසය එනම් මාර්තු මාසයවන විට මන්නාරම් ද්‍රෝණියේ කොටසක් වෙන්දේසි කිරීමට බලාපොරොත්තුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

මන්නාරම් ද්‍රෝණියෙහි ඇති “එම් 02” නමැති කොටස මෙලෙස වෙන්දේසි කිරීමට බලාපොරොත්තුවන බව යි ගම්මන්පිල මහතා අනාවරණය කළේ.

ඔහු ප්‍රකාශ කළේ බොරතෙල් සහ ස්වාභාවික වායු සම්පත් ලබා ගැනීම සඳහා මෙම කටයුත්ත සිදු කරන බව යි.

සැඟවුණු සම්පතෙහි තරම

මාර්තු මාසයේ සිට මාස 09 - 12 අතර කාලයක් ඇතුළත කැනීම් සිදු කිරීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව යි ඔහු සඳහන් කළේ.

මන්නාරම් ද්‍රෝණියේ ඇති මෙම සම්පත් පිළිබඳව මේවන විටත් විද්‍යාත්මක තක්සේරුවක් සිදු කොට ඇති බව ද බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියා.

ඒ අනුව එම ද්‍රෝණියේ ඇති නිධි තුළ බොරතෙල් බැරල් බිලියන 02ක් සහ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 09ක් පවතින බවට දළ ඇස්තමේන්තුවක් සිදු කොට ඇති බව යි ගම්මන්පිල අමාත්‍යවරයා හෙළි කළේ.

ඉන්දියාව අතපොවයි

එමෙන්ම ඉන්දියාව මේවන විටත් මෙම නිධි කෙරෙහි අවධානය යොමු කොට ඇති බව ඔහු සඳහන් කළා.

ඔවුන් ශ්‍රී ලංකාවේ තෙල් ගවේශණය සඳහා පැමිණීමට සාකච්ඡා ද ආරම්භ කොට ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාවට අමතරව පෞද්ගලික අංශයන් සමග ඒකාබද්ධ අධ්‍යනයන් කිරීමට බලාපොරොත්තුවන බව යි.

ඒ අනුව මාර්තු 07 වැනි දා අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත බලශක්ති සමුළුවේ දී පෞද්ගලික ආයෝජකයන්ට මේ සඳහා ආරාධනා කිරීමට තමන් බලාපොරොත්තුවන බව යි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.

ප්‍රහාර මැද

අමාත්‍ය ගම්මන්පිල මෙම ප්‍රකාශය සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයෙන් ඔහුට දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල වෙමින් ඇති පසුබිමක යි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල වැඩ කොටසක් සිදු කළ හිමිනමක්වන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද උදය ගම්මන්පිල මහතාට දැඩි විවේචනයක් සිදු කළේ ඉන්දියාව සමග අත්සන් කළ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මූලික කරගනිමින්.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කරන්නේ ව්‍යාජ ප්‍රකාශ බව යි අභයතිස්ස හිමියන් පෙන්වා දෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka