gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැන්ඩෝරා හෙළිදරව්වත් හමස් පෙට්ටියේ!

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපයූ බව කියන පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා මාස 4ක් ගතවී ඇතත් මේ වන තෙක් සැලකිය යුතු මට්ටමේ ඉදිරි පියවරක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන නොමැති බව වාර්තා වේ.

පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නම් ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු යම් පාර්ශ්වයක් මගින් ලබා දිය යුතු බව මේ පිළිබඳ කළ විමසීමකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එච්.එම්.ඩබ්ලියු. සී. බණ්ඩාර සඳහන් කළේ ය.

යම් ලියවිල්ලක නම් සඳහන් වූ පමණින් විමර්ශන ආරම්භ කළ නොහැකි බව කී දේශීය ආදායම් කොමසාරිස්වරයා, ඊට අදාළ පාර්ශ්වවල හැඳුනුම්පත් අංක, ස්ථීර පදිංචිය සඳහන් ලිපින සහ ඔවුන්ගේ ආදායම් බදු අංක තිබිය යුතු බව කියා සිටියේ ය.

මුදල් අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය හෝ එවැනි යම් පාර්ශ්වයක් මගින් පැන්ඩෝරා ලියවිලිවල නම් සඳහන් බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමා තනතුරු භාරගත් දිනයේ සිට අද දක්වා කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත් කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජේ‍යෂ්ඨ නිලධාරිනියක් ඉකුත් ඔක්තෝබර් 13 වන දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා ය.

ඒ අනුව, පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් සිදුකොට බදු පැහැර හැර තිබේදැයි පරීක්ෂා කරන බව එම නිලධාරිනිය සඳහන් කොට තිබිණි.

අධිකරණයෙන් ඒවා සම්බන්ධ වාර්තා කැඳවීමක් කළහොත් පරීක්ෂා කර ලබාගන්නා තොරතුරු ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැඳී සිටින බව ඇය වැඩිදුරට ත් කියා ඇත.

ලෝක බලවතුන්, ධනවතුන් සහ දේශපාලකයන් ඇතුළු පිරිස් සිදුකරනු ලබන බදු පැහැර හැරීම්, අයථා ධනය රැස් කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු පිළිබඳ පැන්ඩෝරා ලියවිලි මඟින් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය අනාවරණය කරන තොරතුරුවල විශ්වසනීයත්වය බොහෝ රාජ්‍යයන් පිළිගන්නා අතර එම තොරතුරු මගින් විවිධ රටවල ප්‍රබලයන්ට එරෙහිව එම රාජ්‍යයන් නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබූ අවස්ථා කිහිපයක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වාර්තාවල සඳහන් ය.

ඉරිදා මව්බිම


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka