gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් මගඩියක් : ලංසා ඉල්ලා අස්වෙයි?

නිමල් ලංසා මහතා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

අමාත්‍යාංශය තුල සිදුවන කටයුතු පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් ඔහු මෙම තීන්දුව ගනු ඇතැයි දැන ගන්නට ඇත.

ඊයේ දින ඔහු සිය අමාත්‍යංශයේ පිහිටි පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගෙන ඇති අතර කාර්ය මණ්ඩලයට දන්වා ඇත්තේ තමන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගන්නා ලෙසයි.

තම ආත්ම ගරුත්වය පිළිබඳ සිතා නිහඬ වීම දැන් කාලය එළඹ ඇති බව ද තම කාර්ය මණ්ඩලයට අමතමින් ඔහු පවසා ඇත.

කිසියම් අක්‍රමිකතාවක් සිදුවූ ඊට පිළිතුරු දීමට තමන්ට විවිධ කොමිෂන් සභා හමුවේ පෙනී සිටීමට නොහැකි බවද ඔහු පවසා තිබේ.

මෑතකදී විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන ගලගෙදර දක්වා කොටස විවෘත කිරීමේ උත්සවයට ද ඔහු සහභාගී වී නොවූ අතර එම කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කර තිබේ.

අදාල කොටස ඉදිකිරීමට ටෙන්ඩර් අක්‍රමිකතාවයක් සිදුව ඇති බව ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ චීන සමාගම ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka