gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමුදිතට පිරිසක් ගැන සැකයක් : ප්‍රහාරකයා සැඟවුණු තැන ඇමති කියයි

සිය නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා පරීක්ෂණ සිදු වූ ආකාරය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පවසනවා. කෙසේ වෙතත් මෙහි වරදකරුවන් සෙවීමේ වගකීම ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් ඇමතිවරයාට සහ ආණ්ඩුවට බව යි ඔහු අවධාරණය කරන්නේ.

සිය නිවසේ තිබූ කැමරා 22ක තිබූ දත්ත තමන් වන විට පොලීසියට ලබා දී ඇති බව පවසන සමරවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ එවැනි පසුබිමක මෙය පිටුපස සිටින පුද්ගලයා අනාවරණය කරගැනීමට නොහැකි වුවහොත් ප්‍රශ්ණය ඇත්තේ තමන්ගේ නොවන බව යි.

පිරිසක් ගැන චමුදිතට සැකයක්

එමෙන්ම මෙම ප්‍රහාරය තමන් විසින්ම සැළසුම් කරගෙන එල්ල කරගන්නා ලද එකක් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.

සමරවික්‍රම මහතා පෙන්වා දුන්නේ එවැනි දෑ මෙරට තුළ සිදුව ඇති හෙයින් එවැනි චෝදනා එල්ල වීම ද සාධාරණ බව යි.

එහෙත් මෙම සිද්ධියට පෙර තම දුරකතන වාර්තා පරීක්ෂා කළහොත් එම චෝදනාවේ සත්‍යාසත්‍යතාව සොයා ගත හැකි බව ද ඔහු සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක කළ හැකි පුද්ගලයින් රැසකගේ නම් සිය හිස තුළ පවතින නමුත් එය තමන්ට මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ද ප්‍රකාශ කර සිටියා.

ප්‍රහාරකයා සැඟවී සිටින තැන

මේ අතර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා වැසිකිළියක සැඟව සිටින පුද්ගලයෙකු බව පැහැදිළි කරුණක් යැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී යි.

“කවුරු වුණත් මේ අසූචි ප්‍රේමියා ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හඬක් නැති, වැසිකිළියක සැඟවී සිටින කෙනෙක් බව ඉතාම පැහැදිළියි. ඊට වඩා ඒ කණ්ඩායම ගැන යමක් කියන්න අපි ඉක්මන් වෙන්නෙ නෑ”

එමෙන්ම මෙම ප්‍රහාරය ගැන සොයා බැලීම සඳහා පොලීසිය විශාල පරීක්ෂණයක් ආරම්භකොට ඇති බව අලහප්පෙරුම අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පොලිස්පතිවරයා විසින් මේ සඳහා විශේෂ කණ්ඩායමක් පත් කොට ඇති බවත්, CCTV කැමරා දත්ත පිළිබඳ සෙවීමට පමණක් කණ්ඩායම් 09ක් පත් කොට ඇති බවත්, එම කණ්ඩායම් 09 තුළ 60 දෙනෙකු සිටින බවත් ඔහු අනාවරණය කළා.

එවන් පසුබිමක මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි රට හමුවේ හෙළිදරව් කිරීමට පොලීසිය අසමත් වන්නේ නම්, මෙම සිද්ධියේ වගකීම ආණ්ඩුව මතට පැමිණීම වැළැක්විය නොහැකි බවට යි ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka