ඛණිජතෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් කෝටි තුන්සිය හැටපහකට වැඩි පාඩුවක් ලබන බවත් ඉන්ධන මිල වැඩි නොකරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදයකට යෑමට සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.
මේ වනවිට අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් පනහක් ද, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17 ක් ද වශයෙන් සංස්ථාවට පාඩුවක් සිදුවන බව ඔහු පෙන්වා දෙයි.
මේ තත්වය තුළ දිනකට රුපියල් කෝටි තුන්සිය හැටපහකට වැඩි පාඩුවක් ලබමින් සංස්ථාව පවත්වාගත නොහැකි බව කියන සභාපතිවරයා ඉන්ධන මිල වැඩි නොකළහොත් විදුලි බලාගාර, දුම්රිය, මගී බස්රථ හා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබාදීමේ තීරණයකට යනු හැර වෙනත් විකල්පයක් නැති බව පැවසුවේය.
ලබන මාසය වනවවිට ආයතනය බරපතල මූල්‍ය අර්බුදයකට යනු ඇති බවට පුරෝකථනය කරන සභාපතිවරයා ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් එකතුකර ගැනීමටවත් සංස්ථාවට නොහැකි වන කීවේය.
-දිවයින
