ඇමති ලන්සා ලොකු හෙළිදරව්වකට සූදානම්!
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඉදිරි දින කිහිපය ඇතුළත විශාල දේශපාලන හෙළිදරව් කිරීම් රැසක් සිදුකිරීමට සූදානමින් පසුවන බව දැනගන්නට තිබේ.
මේ වනවිට සිය කාර්ය මණ්ඩලයට පවා අමාත්‍යංශයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති නිමල් ලන්සා තනතුරින් ඉවත් වීම පවා අදහස් කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙතෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලන්සා මහතා විසින් ලබා දී නොමැති බව වාර්තා වේ.
එමෙන්ම පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකුම ලන්සා මහතා හමුවී මෙම ගැටලු විසදීමට උත්සාහ දරා ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නොමැති බවද දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම හෙළිදරව් කිරීම් සිදු කිරීමට ලන්සා සූදානමින් සිටින බවද වාර්තා වේ.
-mawratanews
ඇමති ලන්සා ලොකු හෙළිදරව්වකට සූදානම්!
2022-02-16T12:48:00+05:30
Gossip Lanka Hot News




