gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවෙන් තවත් කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්?

ඉන්දීය IOC සමාගම තම බලය පෙන්වමින් ඉන්ධන මිල ඉහල දැමීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපක්‍රමශීලි බිඳ වැටීමකට ලක්වන බව අනාවරණය වේ.

එම සංස්ථාවේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සංස්ථාව සතු පෙට්‍රල් සහ ඩීසල් තොග ඉතා ඉක්මනින් අවසන් වන බවය. පෙරේදා මධ්‍යම රාත්‍රියේදී IOC මිල ගණන් ඉහල දැමීමත් සමඟ ඊයේ දිනය පුරා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පැවති තොග වේගයෙන් අවසන් වූ බව ඔවුන් පෙන්වා දේ. මේ නිසා ඉල්ලුම ඉහල යාමෙන් ඉදිරි දින කීපය තුළ සංස්ථාවේ තෙල් තොග අවසන් වී බරපතළ අර්බුදයකට යා හැකි බවට අනතුරු ඇඟවේ.

එවැනි තත්වයක් තුළ විදුලි බල උත්පාදනයට ඉන්දීය OIC ඉන්ධන සැපයීම සහ මෙරට සමස්ත ඉන්ධන වෙළඳපොලේ අධිකාරය උපක්‍රමශීලීව IOC වෙත මාරුවන බව අවධාරණය කෙරේ. මෙම තත්වය තුළ මෙරට විදුලිය සහ ඉන්ධන යන අති ප්‍රමුඛ බලශක්ති ප්‍රභවයන් දෙකම ඉන්දියාව සතු කර ගැනීමට ආණ්ඩුව විසින් ඉඩකඩ විවෘත කර ඇති බවට චෝදනා නැගේ. විදේශ ඇමති ජීඑල් පීරිස් මේ වන විට නිරතව සිටින ඉන්දීය නිල සංචාරය අතරතුර තවත් ගිවිසුම් ගණනාවක් සම්බන්ධයෙන් මූලික එකඟතාවලට පැමිණීමටද නියමිතය.

උපුටා ගැනීම : lankatruth


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka