gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාෆියා කඩන්න ආ ලිත්‍රො සභාපති 35 ලක්‍ෂයක් පඩි ගනී... ආරක්‍ෂකයන් පහක්.. මාෆියාවට වඩා වැඩි මිලට ගෑස්ද මිලට ගනී!

ආසන්න කාලයේ දී ඇති වූ ගෑස් හිගයට සහ ගෑස් පිපිරීම් වලට ලිත්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වගකිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චෝදනා එල්ල කර තිබේ.

එබැවින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම මන්ත්‍රීවරුන් අගමැතිවරයාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිත්‍රො සමාගමේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 35ක පමණ මාසික වැටුපක් ලබන බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ වසරක් තිස්සේ ලබන වැටුපට සමාන බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වාදී තිබේ.

එමෙන්ම සභාපතිවරයා ආරක්ෂකයන් පස් දෙනෙකු ලබාගෙන ඇති බවද හෙතෙම සඳහන් කර ඇත.

ලිට්රෝ සමාගම ගෑස් මිල දී ගැනීමේ දී රුපියල් කෝටි 100ක පමණ පාඩුවක් සිදු වී ඇති බවත් අඩු මිලට ගෑස් මිලට ගැනීමට හැකි බ වටත් තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයට පත්වූ දින පැවති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ බවත් එසේ චෝදනා කළ සභාපතිවරයා දැන් ගෑස් මිලට ගන්නේ පෙරට වඩා වැඩි මිලට බවත් ඔහු පෙන්වා දී තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka