gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රබල නිලධාරියකුට ඇමැති ගෙදර යන්න කියයි! ඉහළින් ආ නියෝගයකින් නවත්වයි!

ප්‍රබල අමාත්‍යවරයකු සිය අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන දෙපාර්තමේන්තුවක රාජකාරී කරන විශ්‍රාමික හමුදා නිලධාරියකුට ඉවත් වන ලෙස පසුගිය දිනෙක දැනුම් දී ඇති බව වාර්තා වේ. මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා ජනාධිපතිවරයා විසින් කරනු ලැබ තිබූ පත්කිරීමක් ලෙස ප්‍රකටය.

කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් ඉවත් කරනු ලැබ තිබුණද ඊට සුලු මොහොතකට පසු ඉහළින් ආ නියෝගයකින් දැනුම් දී ඇත්තේ තනතුරින් ඉවත් නොවන ලෙසත්, දිගටම තනතුරේ රැදී සිටින ලෙසත්ය.

ඒ අනුව අදාළ විශ්‍රාමික හමුදා නිලධාරියා මේවනවිට තවදුරටත් සිය රාජකාරියේ නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.

මෙම තත්ත්වයත් සමග අදාළ නිලධාරියාට ඉවත් වන ලෙසට දැනුම් දුන් අමාත්‍යවරයා කිසියම් කලකිරීමකින් සිටින බවද වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka