gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ තත්වය ඉතාම කනගාටු දායකයි - මෛත්‍රී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව (19) වවුනියාව නගරසභා සංස්කෘතික ශාලවේදී පැවත්වුණි.

හිටපු ජනාධිපතිතුමන් විසින් පළමු වව්නියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයට ගොස් එහි විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැවේ විමලසාර නාහිමියන් හමුවී සාකච්ඡා කොට ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව වවුනියාව කන්දසාමි කෝවිලට ගොස් හින්දු ආගමික වතාවත් සිදුකොට ශ්‍රීලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රීක් සමලුව වෙතට සහභාගී විය.

හිටපු ජනාධිපතිතුමන් විසින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී අදහස් පලකරමින් වැඩිදුරටත් කියා සිටියේ,

‘‘ මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් සමලු දිස්ත්‍රීක්ක 15 ක විතර පවත්වල තියනවා අද වවුනියාවේත් ඉදිරියේදී යාපනයෙත් පවත්වනවා. ආණ්ඩුවේ සිටින පක්ෂයක් වශයෙන් ආණ්ඩුවේ යහපත් සියලු දේට අප සහය දෙනවා ඒ වගේ ආණ්ඩුවේ අඩුපාඩුත් අපි විවෘත්තව කතාකරනවා. අපි පුලුවන්තරම් අපේ පක්ෂය ශක්තිමත් කරලා ඉදිරි මැතිවරනයට සූදානම් වනවා අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක් වශයෙන් රටේ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ.

අපි කොළඹදී සමස්තලංකා කාරකසභාව රැස්වෙලා අපි යෝජනා 15 ක් සම්මත කරගෙන රටේ පවතින වත්මන් ගැටලු වෙනුවෙන් විසඳුම් ලෙස එම යෝජනා රජයට ඉදිරිපත් කරල තියනවා.

රටේ තියන තත්වය ඉතාම කනගාටු දායකයි. කෘෂිකර්මාන්ත ගටලුව විශේෂයෙන් උතුරට බලපානය මොකද උතුර අපි හැඳින්වුවේ සහල නැලිය කියලා ඒ නිසාම මේ ප්‍රදශෙයට කෘෂිකාර්මික ගැටලුව බොහෝ සෙයින් බලපෑවා.

අපි විශේෂයෙන්ම මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරයේදී පක්ෂයක් වශයෙන් ශක්තිමත් වී විසඳුම් සෙවීමට කටයුතු කරනවා කියල මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. යනුවෙනි.

වන්නි දිස්ත්‍රීක් සමලුව වෙනුවෙන්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, වන්නි දිස්ත්‍රීක් ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් , වවුනියාව ආසන සංවිධායක චමින්ද වාසල යන මත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka