gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේනගේ පැජට් පාරේ නිවාස කෙළිය මාර්තු 29 දා සිට උසාවියේ දිගහැරෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  ලෙස  කටයුතු  කරමින්  සිටියදී  වාසය  කළ  කොළඹ   07,  මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම යෑමෙන්  අනතුරුවත්  ඔහුටම  ලබාදීමට  අදාළ  සියලු ලේඛන  වහාම  අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  (15  දා) කැබිනට් මණ්ඩලයේ  ලේකම්වරයාට සහ අමාත්‍යාංශ  කිහිපයක  ලේකම්වරුන්ට නියම කරමින් අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම  නිවස මෛත්‍රිපාල සිරිසේනට ලබාදීමට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු  විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

නීතිඥවරයා කැබිනට්  මණ්ඩලය හා කැබිනට් මණ්ඩල ලේකම්වරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්  ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධ විභාගය ලබන  මාර්තු 29 වැනිදා ආරම්භ කිරීමට  ද  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෛත්‍රිපාල  සිරිසේන විශ්‍රාම යෑමෙන් පසුව එම නිවස ඔහුටම ලබාදීමට 2019 ඔක්තෝබර් 15 වැනිදා කැබිනට් මණ්ඩලය  තීරණයක් ගෙන ඇති  බවත්  ඒ වනවිට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන තමන්ටම වරප්‍රසාද ලබා ගැනීමට එලෙස තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  මෙන්ම  ජනාධිපති වරප්‍රසාද පනතට ද පටහැනි බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු   පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  සුරේන්  ප්‍රනාන්දු කළ  කරුණු  දැක්වීම  සලකා  බැලූ  විනිසුරු  මඬුල්ල එම ක්‍රියා කලාපය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට වන පදනම මත එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

රුපියල්  මිලියන 180  ක්  වැයකර  එම කාලයේදී  නිවස  අළුත්වැඩියා කර ඇති බවත් එය රටේ වටිනා දේපළක් වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු   එමගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ද කියා සිටියේය.

-ඒ.ජේ අබේනායක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka