ජනතාව පාපැදියට පුරුදු වෙන්න ඕනෑ... ආර්ථිකය හොඳ වුණොත් ඇමැතිවරුත් මාසෙකට දවසක්වත් පාපැදියෙන් ඒවි - අමරවීරගෙන් අමර කතාවක්!
රටේ ආර්ථිකය හොඳ අතට පත්වුවහොත් මැති ඇමැතිවරුන් ද ඉදිරියේදී මසකට වරක්වත් පාපැදියෙන් ගමන් කරනු ඇති බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
මැතිඇමතිවරුන්ට පාපැදියෙන් පැමිණීම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් එකවරම ක්‍රියාත්මක කළ නොහැකි වුවත් සතියකට හෝ මසකට දවසක් හෝ මැති ඇමැතිවරුන්ට පාපැදිය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
දැනටත් ඇතැම් රජයේ නිලධාරීන් පාපැදිවලින් තම රාජකාරියට එන බව ද පැවසූ අමාත්‍යවරයා ඔවුන් අගය කිරීම සඳහා වැඩපිළිවෙළක් සූදානම් කරන බවද සඳහන් කළේය.
පසුගිය සතියේදී අමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පාපැදියෙන් රැකියාවට යාමට කටයුතු කරන ලෙසය.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
ජනතාව පාපැදියට පුරුදු වෙන්න ඕනෑ... ආර්ථිකය හොඳ වුණොත් ඇමැතිවරුත් මාසෙකට දවසක්වත් පාපැදියෙන් ඒවි - අමරවීරගෙන් අමර කතාවක්!
2022-02-15T21:53:00+05:30
Gossip Lanka Hot News





