gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"මාධ්‍යවේදීන් CID වෙත කැඳවූවොත් මමත් එනවා ඔබත් එක්ක" - ඇමති ඩලස් දුන් පොරොන්දුව

රජය සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මගින් කැඳවීමක් සිදු වුවහොත් එවැනි මාධ්‍යවේදීන් සමග තමා ද අදාළ ස්ථාන වෙත පැමිණෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (පෙබ. 15) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවලදී රජයේ තීරණ සම්බන්ධව සෘජු ප්‍රශ්න ඇසීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් පැවසීය. 

එබැවින් එවැනි තර්ජනයක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙනී සිටිනවා ද? යනුවෙන් තවත් ජනමාධ්‍යවේදීයෙකු එහිදී විමසීමක් කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අදහසකි.

"කෙනෙක් යම් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනකොට ඔහු දේශපාලනඥයෙක් ද මාධ්‍යවේදියෙක් ද නීතීඥයෙක් ද කියන කාරණාව වැදගත් වන්නේ නෑ. නමුත් මහ ජනතාවට යම් සත්‍යයක් සමාජගත වීම නිසා කිසියම් කෙනෙක් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා නම් ඒක බරපතළ කාරණාවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගී ද කියන එක ගැන ප්‍රශ්න මතුවීමක්...

කිසිසේත් ම පොලිසියක ප්‍රශ්න කිරීමක් සිදු නොවන බව වගකීමෙන් කියනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන්න මම ත් එනවා ඔබ එක්ක යන්න."

මේ අතර පසුගිය දා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට යම් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිකුළෙන් යුතුව එය බැහැර කරන අතර "එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වහනය වන්නේ කුණු වූ සමාජ පිරිස්වල දුර්ගන්ධය බව" ඔහු සඳහන් කළේ ය.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර ඊට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පමණක් පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ කණ්ඩායම් 9ක් යොදවා ඇති බව ද ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තව ද යම් හෙයකින් එම ප්‍රහාරය සිදු කළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පොලිසිය අසමත් වන්නේ නම් එහි වගකීම ආණ්ඩුවට එල්ල වීම වැළැක්විය නොහැකි බව ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka