gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොටවෙහෙර පුරාවස්තු කොල්ලය : රන් කරඬුව යකඩ සේප්පුවෙන් එළියට ගත්තේ නීති ප්‍රබලයෙකුගේ කීමට ද?

රඹුක්කන, දැලිවල කොටවෙහෙර රජමහ විහාරස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබූ සේප්පුවක ආරක්ෂිතව තැන්පත් කර තිබුණු ආසියාවේ ඇති වටිනාම රන් හා පළිඟු කරඬු නීති ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත වීදුරු මංජුසාවක තැන්පත් කරන්නට විහාරාධිපතිට සිදුවී ඇතැයි වාර්තා වේ.

රන් කරඬු තැන්පත් කර තිබූ එම වීදුරු මංජුසාව වෙඩි නොවදින එකක් බවත්, එය කුළුගෙඩි 100කින්වත් ගසා කඩා දැමිය නොහැකි බව ත් එම නීති ප්‍රබලයා විහාරාධිපති හිමියන්ට පැවසීම මත ඓතිහාසික වටිනාකමක් ඇති කරඬු යකඩ සේප්පුවෙන් ඉවත් කොට එම වීදුරු මංජුසාවේ තැන්පත් කර ඇතැයි ද එම වාර්තා වැඩිදුරට ත් පෙන්වා දෙයි. 

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන්ට හා දායක සභාවේ පිරිසට එම වීදුරු මංජුසාව තුළ තැන්පත් කර තිබූ ඓතිහාසික රන් කරඬු පිළිබඳව ඇති වූ අනාරක්ෂිතභාවය සලකා එම කරඬු අනුරූප කිහිපයක් සකස්කොට එම අනුරූ පෙර කී වීදුරු මංජුසාව තුළ නැවත තැන්පත් කිරීමට දායක සභාව පියවර ගෙන තිබුණු බව ද කියයි.

මේ බව දැනගත් එම නීති ප්‍රබලයා එය නිවැරදි නොවන බවත් කරඬු අනුරූ සකසා එය වැඳුම් පිදුම් කරන්නට ලබා දීම සුදුසු නොවන බවත් පවසා නියම රන් කරඬු නැවතත් සේප්පුවෙන් ඉවත් කොට වෙඩි නොවදින වීදුරු මංජුසාවේ තැන්පත් කිරීමට විහාරාධිපති හිමියන්ට සහ දායක සභාවට බලපෑම් කර ඇති බවත් විහාරස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සොරුන් විසින් කඩා බිඳ දමා ඇත්තේ එම නීති ප්‍රබලයා විසින් රන් කරඬු තැන්පත් කිරීමට විහාරස්ථානයට පූජා කරන ලද එම වීදුරු මංජුසාව බව ත් එම ආරංචි මාර්ග කියයි.

මෙම වීදුරු මංජුසාව ඉතා ඝන වීදුරුවකින් යුතුව මාතලේ පුද්ගලයෙකු විසින් නිමවා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් වසර දෙදහස් දෙසීයක ඓතිහාසික වටිනාකමකින් යුත් රන් කරඬු සොයා ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රඹුක්කන පොලිසියට අමතරව රහස් පොලිස් විශේෂ කණ්ඩායමක්ද ඊයේ (පෙබ. 16) රජමහ විහාරස්ථානයට ගොස් විමර්ශනවල යෙදෙන අයුරු දක්නට ලැබිණි.

විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා රඹුක්කන පොලිසිය විසින් යොදන ලද මුර සංචාර පොතක් ද ආවාස ගෙය ඉදිරිපස එල්ලා තිබුණ ද එය ද හරිහැටි පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී නැතැයි වාර්තා වේ.

එහෙත් සිද්ධියෙන් පසු රඹුක්කන පොලිසිය නිලධාරීන්ගේ ආරක්ෂාව විහාරයට යොදවා ඇතැයි පෙනෙන්නට තිබේ.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී. රොෂාන්ත ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශනවල යෙදෙමින් සිටින අතර පුරාවස්තු සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හා බන්ධනාගාර ගතව ඇප මත පැමිණි කිහිපදෙනෙකු වෙත ද එම කණ්ඩායම්වල උකුසු ඇස් යොමු වී තිබේ.

මෙම සොරකම සම්බන්ධයෙන් සැක සංකා ඇතිවන ආකාරයේ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව කියයි.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා විමර්ශන මෙහෙයවයි.

මව්බිම 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka