gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත්‍රස්ත පනත භාවිතය ගැන ජනපතිගෙන් පොලිසියට සීමාවක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) කෙටිමඟක් ලෙස භාවිත නොකර ත්‍රස්තවාදයට පැහැදිලි සබඳතා ඇත්නම් පමණක් භාවිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදු කෙරෙන විමර්ශනවලින් ඉවත් වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙටි මගක් ලෙස භාවිත නොකරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගකීම් විරහිත ලෙස භාවිතා කිරීම නැවැත්විය යුතු බවට රජය පැහැදිලි උපදෙස් ලබා දී ඇති බව කී විදේශ අමාත්‍යවරයි, ‘අපි අවස්ථාවක් දීලා බලමු ඒක වෙනවද නැද්ද කියලා.’’ යැයි කීය.

පීරිස් මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ පැවති ප්‍රාදේශීය, සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.

මෙහිදී පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දැඩි විරෝධය පළ කොට ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka