gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්රේනයෙත්, රුසියාවෙත් යුද ගැටුම් මැද, සද්ද වහලා හිටපු උතුරු කොරියානු ඒකාධිපතිවරයා, රහසේම සිදුකළ බිහිසුණු ක්‍රියාව මෙන්න

උතුරු කොරියාව විසින් ඊයේ උදෑසන හඳුනා නොගත් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

එය, මේ වසර තුළ උතුරු කොරියාව සිදු කළ අටවන මිසයිල අත්හදා බැලීමයි.

කෙසේ නමුත් අද මෙම මිසයිලය අත්හදා බලා ඇත්තේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උලෙළ පැවති මාසය තුළ කොරියානු අර්ධද්වීපයේ පැවති සාමකාමී වාතාවරණයෙන් අනතුරුව යි.

2017 වසරෙන් පසු ප්‍රබලතම මිසයිල අත්හදාබැලීමද උතුරු කොරියාව පසුගියදා සිදු කළා.

එරට මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා 2019 වසරේ දී බිඳ වැටුණා.

මේ අතර, රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්රේනයේ කීව් අගනුවර අඛණ්ඩව සයිරන් හඬ නාදවන බව විදෙස් වාර්තාකරුවන් සඳහන් කළා.

අගනගරයේ ඊයේ සන්ධ්‍යාවේ සිට හෙට දිනය දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, නගරාධිපතිවරයා සඳහන් කළේ වීථිවලට පිවිසෙන ඕනෑම අයෙකු රුසියාවට සහය දක්වන කඩාකප්පල්කරුවෙකු ලෙස සළකන බවයි.

නගරවාසීන් ආයුධ සන්නද්ධව රුසියානු ආක්‍රමණිකයාට මුහුණදීමට සැරසී සිටින අතර, සිය නිවෙස් ඉදිරිපිට වැලි කොට්ට ගොඩගැසීමටත්, පෙට්‍රල් බෝම්බ නිපදවීමටත් ඔවුන් පෙළඹී සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඩොලර් මිලියන 350ක් වටිනා අවි ආයුධ යුක්රේනයට යැවීමට ඊයේ තීරණය කළ අතර, යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවඳින ආවරණ ද ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත් බෝම්බ දහසක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500ක් හදිසි අවශ්‍යතාවක් සේ සළකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තයද මෙලෙස යුක්රේනයට ආයුධ සහය ලබාදෙන අතර, නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ලක්ෂ සංඛ්‍යාත යුක්රේනවාසීන් යුද්ධයෙන් පලායමින් සිටින අතර, මෝල්ඩෝවා රාජ්‍යයේ දේශසීමා ඔස්සේ රටින් නික්මීමට පැය 27ක පෝලිමක් පැවති බව සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka