මධ්‍යම කාරක සභා අනුමැතියෙන් ඕනෑම වෙලාවක අණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් - දයාසිරි
පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
එනිසා පක්ෂය වැඩපිළිවෙළට ගම් ගම් බිම් මට්ටමේ ඉතා ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.
වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක් බව ද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
මධ්‍යම කාරක සභා අනුමැතියෙන් ඕනෑම වෙලාවක අණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් - දයාසිරි
2022-02-28T07:24:00+05:30
Gossip Lanka Hot News





