ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය කන්දරාව පිළිබඳව වාර්තාවක් ඉන්දියාවේ සුප්‍රකට NDTV ප්‍රවෘත්ති සේවය විසින් එළිදක්වා තිබෙනවා.
විදුලි අර්බුදය
මුදල් නැති කම මත විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය ඩීසල් මිලට ගැනීමට නොහැකිව තිබෙන බවත් පෙන්වා දෙනවා.
විදුලි උත්පාදනය කිරීමට නොහැකි කම මත ලාංකීය ජනතාවගේ ජන ජීවිතය අඩාල වන අයුරින් විදුලි කප්පාදු සිදුවන බවයි එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.
මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රු.මිලියන ලක්ෂයක) හදිසි ණය ආධාරයක් ලබාදෙන බවයි එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ.
ණය දෙන කොන්දේසිය
එසේ ණයට ඩොලර් ලබා දීමේදී අනුගමනය කළ යුතු විශේෂ කොන්දේසියක් ගැනත් එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
එනම් ඉන්දියාව එසේ ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 සහන ණය මුදලින් තෙල් ලබා ගත යුත්තේත් ඉන්දීය තෙල් සැපයුම්කරුවන්ගෙන් බවටයි.
එහි සරල අර්ථය වන්නේ ඉන්දියාව ණයට දෙන මුදලින් තෙල් ලබාගත යුත්තේ ඉන්දියාවෙන්ම බවයි.
ඒ අනුව එම මුදල යළිත් යන්නේ ඉන්දියාවටමයි.
තවත් ණය ආධාර
මෙම සහන ණය මුදල හැරුණුකොට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 915 ක ණය ආධාර ලබා දීමටත් ඉන්දියාව එකඟ වී තිබෙන බව එම ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
ඒ සඳහා වූ සාකච්ඡා ඉකුත් සති දෙක තුළ සිදු කළ බවත් එම ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙනවා.
ඒ හැරුණු කොට තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය සහනාධාරයක් ලබා දීම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදු වන බවත් එම ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙන්නේ ඊට හේතුවද සඳහන් කරමින්.
ආහාර හා බෙහෙත් හිඟය
ඒ ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේ අතිශයින්ම අත්‍යවශ්‍යය කෙරෙන ආහාර හා බෙහෙත් ලබා ගැනීමට.
එසේ ණය සහනාධාර ලබා දෙන්නේ එම ආහාර හා බෙහෙත්ද ඉන්දියාවෙන්ම ලබා ගත යුතු බවට වන කොන්දේසිය යටතේ බවද එම ප්‍රවෘත්ති සේවය හෙළිදරව් කරනවා.
NDTV ප්‍රවෘත්ති සේවය මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ ඊයේ (02).
-asianmirror
