gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“උතුරු කොරියාවෙන් අපි ආයුධ මිලදී ගත් බවක් මමනම් දන්නෑ” - ෆොන්සේකා කියයි

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග යුද්ධය පැවති සමයේ දී උතුරු කොරියාවෙන් අවිආයුධ මිලදී ගැනීමට ඩොලර් සොයා ගැනීමේ අවශ්‍යතාවය මතු වූ විට, තමන් එම ඩොලර් සොයා ගනු ලැබුවේ කළු කඩයෙන් බව, වත්මන් මුදල අමාත්‍යවරයා පසුගිය දා පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡුාවක දී ප‍්‍රකාශ කර තිබුණි.

අවිආයුධ අලෙවිය තහනම් කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්, උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

එවැනි තත්ත්වයක් තුළ ලංකාව උතුරුකොරියාවෙන් අවි ආයුධ මිලදී ගත්තා නම් එය ජාත්‍යන්තර නීතීන් උල්ලංඝණය කරමින් සිදු කර තිබෙන අනීතික කටයුත්තකි.

කෙසේ වෙතත්, යුද්ධය පැවති සමයේ දී ලංකාව උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්තා යැයි යන ප‍්‍රකාශය එවකට යුද හමුදාපතිවරයාව සිටි, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රතික්ෂේප කරයි.

ඔහු පවසන්නේ, ප‍්‍රධාන වශයෙන් ම ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගන්නා ලද්දේ චීනයෙන් බවයි.

චීනයට අමතරව චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාව ආයුධ මිලදී ගෙන තිබෙන බව ඔහු පවසයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka