gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් EPF-ETF බද්ද අතහරී…

මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර ඇත.
“2022 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මා විසින් ඉදිරිපත් කරපු අයවැය කතාවේදී 68 වන පිටේ 7.9යේ එක්වරක් පමණක් අයකරන බදු යෝජනාවක් ඉදිරිපත් කළා. ඒකෙදී පැහැදිළිව කිව්වේ 2020 සහ 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් බිලියන 2000කට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක්වරක් පමණක් අයකරන සියයට 25ක අධිභාරයක්. බද්දක් අයකිරීමට යෝජනා කරනවා කියලා. මෙම බද්ද මගින් රුපියල් බිලියන 100ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනවා. මෙහෙම තමයි ඒ 68 වෙනි පිටේ තියෙන්නේ. පැහැදිළිව අපි ඒ වෙලාවේ බලාපොරොත්තු වුනේ බිලියන 100යි ඒකෙදි සමාගම් සහ පුද්ගලයන් ඒ අනුව අපි අඳුරගත්තා 69 දෙනෙක්. ඒ 69 අපි ගණන් හැදුවම දැනට බිලියන 105ක් හමුවෙනවා. මොනම අවස්තාවකවත් අපි බලාපොරොත්තු වුනේ නෑ. සේවක අර්ථසාධක අරමුදලෙන් හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වගේ අරමුදල් 11ක් තියෙනවා ඒ එකක් වත් ඇතුල් කරන්න. එහෙම කරොත් තව බිලියන 85ක් වගේ ආදායමක් ලැබෙනවා. අපි ඒක ඇස්තමේන්තු කරේම නෑ. නමුත් ගිය ආණ්ඩුවේ 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතෙන් මේ අරමුදල් 11ත් ආදායම් බදු ගෙවිය යුතු ආයතන ලෙස හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේකට අධිභාරය අයිති වෙනවයි කියලා මතයක් මහජනයා අතර පැතිරිලා තිබුනා. ඒකත් අපි කැබිනට් මණ්ඩලයේදී පැහැදිලි කරලා මේ අරමුදල් 11ම මේ බද්දෙන් නිදහස් කළ බව සඳහන් කරන්න ඕන”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka