gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකික ටික්ටොක් තරුණයා සමග ජීවත්වෙන්න ආ නෙදර්ලන්ත කාන්තාව වැල්ලවත්ත අපාර්ට්මන්ට් එකේ මැරිලා!

වැල්ලවත්ත නිවාස සංකීර්ණයක මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ රාත්‍රී සොයාගෙන තිබුණි. පොලිසිය පැවසුවේ, නිවසේ වැසිකිළිය තුළ ඇය මිය ගොස් සිටි බවයි.

මේ ගැන පරීක්ෂණ සිදුකරන පොලිසියට මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වෙමින් පවතී. Kalidien Nisha Gatoen නමින් යුත් හැඳුනුම්පතක් ඇය සන්තකයේ තිබී ඇති අතර වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ අන්තර්ජාලය හරහා දැනහඳනාගත් ශ්‍රී ලාංකික තරුණයෙකු සමග 67 හැවිරිදි වියේ පසුවන ඇය පෙම් සබඳතාවක් පවත්වමින් සිටි බවයි. ඒ අනුව ඇය ලංකාවට පැමිණ මෙම නිවස්නය කුලියට ගෙන 37 හැවිරිදි වියෙහි පසුවූ බව කියන එම තරුණයා සමග කාලයක් ජීවත්ව සිට ඇත.

තරුණයාව දැනගන්නට ඇයට හැකිව ඇත්තේ ටික්ටොක් වීඩියෝ ජාලයේ වීඩියෝවක් තුළින් බවටද තොරතුරු හෙලිව ඇත.

සිංහල ජාතික තරුණයා සමග ප්‍රේම සබදතාවක් පවත්වාගෙන ඔහු සොයා ලංකාවට පැමිණ ඔහු සමඟ නිවසේ රැඳී සිටි බවට අසල්වාසීන් සාක්ෂි දරා ඇති බව පොලිසිය කියයි. මෙම මරණයට හේතුව මෙතෙක්  නිශ්චිතව අනාවරණය වී නොමැත.

ඇගේ සිරුර හමුවන අවස්ථාව වනවිට තරුණයා නිවසේ සිට නැති අතර ඔහු ඝාතනයක් සිදු කර පලාගියේද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෘත ශරීරය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka