ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි - සිපෙට්කෝ සභාපති කියයි
ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ ඉන්ධන භාවිතය අඩු කරවීම නමුත් එම අරමුණ ඉටු වී නැති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
‘ඉන්ධන මිල වැඩි කිරීමේ මූලික අරමුණ තමයි භාවිතය අඩු කරවීම. නමුත් පසුගිය වර මිල වැඩි කිරීමේදී ඒ අරමුණ ඉෂ්ට වෙලා නෑ. ඉන්ධන ලබා දීම පාලනය කරන්න ස්ථිර ක්‍රමවේදයක් අපට නෑ. ඉන්ධන භාවිතය අඩු කිරීම විසින්ම ස්වයංව සිදු විය යුතුයි. අපිට නීති දාලා ඉන්ධන භාවිතය අඩු කරන ක්‍රමවේදයක් සකස් කරන්න අපිට බෑ. විදුලි බලය පාවිච්චි අවම කිරීමට ජනතාව දැනුවත් කිරීම හොඳ දෙයක්. ඒ හරහා වක්‍රව ඉන්ධන ඉතිරියකුත් සිදු වෙනවා’
ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි - සිපෙට්කෝ සභාපති කියයි
2022-02-10T17:16:00+05:30
Gossip Lanka Hot News




