පන්සලක් වටලන්න නම් අදහසක් නෑ - කුලපති හාමුදුරුවන්ට කුමුදේශ් දුන් උත්තරය
පන්සලක් වැටලිය නොහැකි පූජනීය ස්ථානයක් නමුත් ඒ ස්ථානයේ අවාසනාවකට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සිටිනා බැවින් වටලනවා නම් වටලන්නේ පන්සලක් නොවන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඔහු පවසන්නේ තමන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක් යන හාස්කම් සහිත තැනකට ඔවුන්ගේ ප්‍රශ්න සඳහා උත්තර ලබා ගන්නටත් යන බවය.
රවී කුමුදේශ් පැවසුවේ මෙසේය.
මං හිතන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදරුවො වයසත් එක්ක සමහර දේවල් තේරුම් ගන්නවා අඩුයි. අපි පන්සල් වටලන්න එනවා කිව්වෙ නෑ. ඒකට හේතුව හාමුදුරුවන්ට බයේවත් ජේ.ආර්. ජයවර්ධනට පාඩමක් උගන්වපු නිසා ඒකට බයවෙලාවත් නෙමෙයි.
පැහැදිලිව පන්සලක් කියන්නෙ වටලන්න පුලුවන් තැනක් නෙමෙයි. අපේ පූජනීය ස්ථානයක්. අවාසනාවට ඒ පන්සලේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවො ඉන්නවා.
ඒ නිසා අපි පන්සලක් වටලන්නෙ නෑ. අපි එන්නෙ ගොඩක් අය ඇවිත් විවිධ දේවල් කරගෙන යනවා කියන හාස්කම් තියන තැනකට. අපේ ප්‍රශ්නෙ ඒ අපේ විසඳා ගන්න. මොක් මේ ප්‍රශ්නය විසඳන එක මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට ඉතාම අදාලයි.
පන්සලක් වටලන්න නම් අදහසක් නෑ - කුලපති හාමුදුරුවන්ට කුමුදේශ් දුන් උත්තරය
2022-02-10T16:45:00+05:30
Gossip Lanka Hot News




