gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'කාදිනල් හිමි ආවා...ඔබත් එන්න' - පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලා හෙට කාදිනල් හිමියන් වතිකානුවේ විශේෂ දේව මෙහෙයක... සියලුම ලාංකිකයන්ට එන ලෙස විවෘත ආරාධනාවක්! (VIDEO)

දැනට වතිකානුවේ සිටින අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හෙට දිනයේදී (27) වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේ යාඥා මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

යාච්ඥා මෙහෙයේ අරමුණ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා දිව්‍යමය මැදිහත්වීම ලබා ගැනීම බව දැනගන්නට ඇත.

ඒ අනුව එම අවස්ථාවට යුරෝපයේ සිටින සියලුම සිංහල ජනතාවට ආරාධනා කිරීමට මේ වනවිට ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත.

හෙට දින 10 පමණ වනවිට වතිකානුව ඉදිරියට රැස්වන ලෙසත්, දහවල් 12 වන විට පාප් වහන්සේ යාඥා මෙහෙයට පැමිණෙන බවත් පෙන්වා දෙන එම ලාංකිකයන් එහිදී පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකර දෙන ලෙස පාප් වහන්සේගෙන් ඉල්ලා සිටීමට පියවර ගතයුතු බවත් සදහන් කොට ඇත.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka