gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රේගුවේ රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි, බෙන්ස් වෙන්දේසිය නැවතුනේ ඇයි?

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි, ජගුවාර්, මර්සිඩීස් බෙන්ස්, හමර් සහ බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගෙන තිබූ තීන්දුවක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.

රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම සුඛෝපභෝගී වාහන බ්‍රහස්පතින්දා වෙන්දේසි කිරීමට දැන්වීම් ද පලකර තිබූ බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. හරිප්‍රිය මහතාගේ උපදෙස් මත එය 11 වැනි පැයේදී නතර කර ඇතැයි ද පැවසේ.

කෙසේවුවද, වෙන්දේසිය නැවැත්වීමට හේතු පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

අත්අඩංගුවට ගෙන ඇති වාහන නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බැවින් ඒවායේ හිමිකරුවෙකු නොදන්නා අතර සමහර වාහනවල කොටස් අතුරුදන්ව ඇතැයි පැවසේ.

මේ වාහනවලින් කිහිපයක් ගෙන්වා ඇත්තේ වාහන ආනයන සීමාවන් ක්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපය තුළ බව රේගු ආරංචි මාර්ග පවසයි.

මේ අතර, අත්අඩංගුවට ගත් වාහන වෙන්දේසි කිරීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් පවතින බවත්, රේගු දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීම සඳහා එවැනි වෙන්දේසි වරින් වර පවත්වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා ද සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබේ.

එවැනි වෙන්දේසි පැවැත්වීමේ හා ඒවා අත්හිටුවීමේ බලය ද ඇත්තේ රේගු අධ්‍යක්ෂවරයාට බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka