මන්ත‍්‍රීගේ පාටියේ මත්පෙති තොගයක් සමග හතක් අත්අඩංගුවේ…
අනුරාධපුර ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවති DJ සාදයකට එක්ව සිටි හත් දෙනෙකු තහනම් මත්ද්‍රව්‍ය සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සාදය සඳහා අනුරාධපුරය දිස්ත්‍රික්කයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුලූ දෙසීයක පමණ පිරිසක් සහභාගි වී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ ඇතුළුවීම සදහා රුපියල් 3500ක් වූ මෙම සාදය සංවිධානය කර තිබුණේ අන්තර්ජාලය මගින් බවයි.
රුපියල් හාර දහසකට මිල නියම කර තිබූ දිව යට තබා ගන්නා මත් මුද්දර රුපියල් 4500 ක් වන මත් පෙති සහ කේරල ගංජා අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබුණු බවද පොලිසිය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊට සහභාගී වී තිබුණේ සාදයේ ආරාධිතයකු ලෙස බව ද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
-lankacnews
මන්ත‍්‍රීගේ පාටියේ මත්පෙති තොගයක් සමග හතක් අත්අඩංගුවේ…
2022-02-13T22:18:00+05:30
Gossip Lanka Hot News





