gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමති - සභාපති නොදැන තීන්දු අරන්! ලංකා සතොස හුටපටයක් එළියට!

ලංකා සතොස ප්‍රධාන කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමේ හදිසි තීන්දුවක් ගෙන ඇතැයි  වාර්තා වනව.

විශේෂයෙන් එම තීන්දුව පිළිබඳ එහි සභාපතිවරයා පවා නොදැන සිට තිබෙනවා.

ලංකා සතොස සභාපති අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සඳහන් කරන්නේ තමන්ද නොදැන තම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙනත් තැනකට ගෙන යාමට පුවත්පත් දැන්වීම් පළ කර ඇති බවයි.

සභාපති දන්නෙත් නෑ

තමන් ඒ බව දැනගත්තේ සතොස සභාපතිවරයා කළ විමසීමක දී බවයි ආනන්ද පීරිස් මහතා පෙන්වා දෙන්නේ.

එය සිදුකර තිබෙන්නේ ලංකා සතොස ගොඩනැගිලි අංශයෙන් බව මේවන විට හෙළි වී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් වෙළඳ අමත්‍යාංශයේ ප්‍රධානීන් හෝ ඇමැතිවරයා හෝ කිසිවෙක් දැනුවත් කර නොමැති බවයි ලංකා සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇමති - ලේකම් අනුමැතිය නෑ

මෙවැනි ආයතනයක් වෙනත් ස්ථානයකට ගෙන යන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුවයි.

ඒ සම්බන්ධයෙන් එම ආයතනය අයත් අමත්‍යාංශයේ ඇමතිවරයා හා ලේකම්වරයාත් දැනුවත් කර අනුමැතියද ලබාගත යුතුයි.

එහෙත් මෙලෙස දැන්වීම පළ කර තිබෙන්නේ එලෙස කිසිදු තීන්දුවක්, අනුමැතියක් ලබාගෙන නොමැතිව බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

අමුතු බලපෑම

ලංකා සතොස ප්‍රධාන කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන්නේ සතොසට අයත් වොක්ෂෝල් වීදියේ පිහිටි ගොඩනැගිල්ලකයි.

ඒ සඳහා ඔවුන් මාසිකව රුපියල් ලක්ෂ තිස්අටක් කුලිය ලෙස සතොස ආයතනයට ගෙවීමක් ලෙස සිදුකරනවා.

මේ වන විට කෝටි තුනකට අධික මුදලක් හිඟ කුලී ලෙස ලංකා සතොස, සතොස ආයතනයට ගෙවිය යුතුව ඇතැයි පැවසෙනවා.

මෙම දැන්වීම පළ කර තිබෙන්නේ සතොසට ගෙවන කුලිය අඩු කරගැනීම සඳහා බලපෑමක් කිරීමේ අරමුණෙන් බවයි වාර්තා වන්නේ.

එය සිදුකර තිබෙන්නේ ලංකා සතොසේ සේවයෙන් ඉවත්ව ගිය එහි ප්‍රධානියකුගේ අවශ්‍යතාව මත ගොඩනැගිලි අංශයෙන් බවයි මේවන විට හෙළිවී තිබෙන්නේ.

-ඒෂියන් මිරර්


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka