තෙල් ගහන අයට අසුබ පණිවිඩයක්! වැඩි කරන්න ඉල්ලපු ගණන් සජිත් පිලෙන් එළියට!
තෙල් මිල ගණන් යළි ඉහළ යාම පිළිබඳව ඉඟි පළ වනවා.
ළඟම එන අනතුර
ඉතා නුදුරේම තෙල් මිල ගනන් ඉහළ යන බවයි එහිදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අවධාරණය කර තිබෙන්නේ.
එම කතාවට එක් එක් වූ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කෙස් සංස්ථාව කර ඇති යෝජනාවේ තොරතුරු හෙළිදරව් කළා.
ඔහු සඳහන් කරන්නේ පාරිභෝගිකයින් වැඩිපුරම පාවිච්චි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 177 සිට රු. 192 දක්වා රු. 15 කින් වැඩි කිරීමට සංස්ථාව ඉල්ලා ඇති බවයි.
ඩීසල් ලීටරය රු.121 සිට රු. 169 දක්වා රු. 48 කින් වැඩි කිරීමට සංස්ථාව ඉල්ලා ඇති බවයි.
ඉන්දීය තෙල් සමාගම
මේ වන විටත් ඉන්දීය තෙල් සමාගම (IOC) සිය ඉන්ධන වල මිල ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට වඩා වැඩි කොට තිබෙනවා.
මෙය ඉතිහාසයේ ඩීසල් වැඩි කළ වැඩිම මිල වැඩි කිරිම බවට පත් වනු ඇති බවයි වික්‍රමරත්න මහතා එහිදී සඳහන් කර තිබෙන්නේ.
තෙල් ගහන අයට අසුබ පණිවිඩයක්! වැඩි කරන්න ඉල්ලපු ගණන් සජිත් පිලෙන් එළියට!
2022-02-19T16:45:00+05:30
Gossip Lanka Hot News




