රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම : අරුන්ධිකගේ පුතා පොලිසියට බාර වෙයි.. සුපිරි BMW රථයකුත් අල්ලයි!
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ රාගම පොලීසියට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, එම පහරදීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති බවය.
ඒ අනුව එම සිද්ධියට අදාළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 7කි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
ඊයේ අලුයම රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එම පහරදීම සිදුකර තිබූ අතර එහිදි තුවාල ලැබු සිසුන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම : අරුන්ධිකගේ පුතා පොලිසියට බාර වෙයි.. සුපිරි BMW රථයකුත් අල්ලයි!
2022-02-03T07:17:00+05:30
Gossip Lanka Hot News





