හැකි ඉක්මණින් ජන්දයකට යනවා... පළමු ප්‍රචාරක රැස්වීම 9 වැනිදා අනුරපුරේ... පළාත් 5ක ප්‍රචාරක රැස්වීම් - බැසිල් මැතිවරණ සිතියම ප්‍රකාශයට පත් කරයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව ද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බව ද ඔහු කීය.
පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයි ද රාජපක්‍ෂ මහතා කීය.
පොදුජන පෙරමුණේ කාන්තා සමිති ගම්මටම්න් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේ ආරම්භ කරන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.
හැකි ඉක්මණින් ජන්දයකට යනවා... පළමු ප්‍රචාරක රැස්වීම 9 වැනිදා අනුරපුරේ... පළාත් 5ක ප්‍රචාරක රැස්වීම් - බැසිල් මැතිවරණ සිතියම ප්‍රකාශයට පත් කරයි!
2022-02-03T07:14:00+05:30
Gossip Lanka Hot News





