උතුරේ ධීවරයන් පහකගේ මල සිරුරු වෙරලේ! ඉන්දීය ධීවරයන් ඝාතනය කලැයි චෝදනා!
කිලිනොච්චිය මරදන්කේනි පොලිස් වසමේ ආඩියාවලෙයි මුහුදු තීරයට දින 5 ක් තිස්සේ මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙම සිරුරු (31) දින ගොඩගසා ඇති බවට පොලීසිය පැවසීය.
මේ අතර අදාල ධීවරයින් මුහුදු ගිය ධීවර යාත්‍රාව ඉන්දීය ට්‍රොල්ර් යාත්‍රාවක් මගින් අනතුරට ලක්කොට ඉන්දීය ධීවරයින් විසින් උතුරු ධීවරයින් දෙදෙනාට පහරදී මුහුදට දැමීමෙන් දියේ ගිලීම නිසා මෙම ධීවරයින් දෙදෙනා මිය ගිය බවටද ප්‍රදේශවාසී ධීවරයින් පවසති.
මේ හේතුවෙන් මරදන්කේනි ධීවරයින් විශාලල පිරිසක් (01) දින මරදන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කොට මාර්ගයේ හිඳගනිමින් මිය ගිය ධීවරයින් දෙදෙනාගේ මරණයට වගකිව යුතු ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.
පසුව එම ස්ථානයට ගිය මරුදන්කේනි පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය කොට ඔවුන් සමග සාකච්ඡාවක නිරත වී කඩිනම් විසඳුම් ලබා දීම වගකිව යුතු බලධාරීන් සමග සාකච්ඡා කරන බවට පැවසීය.
පසුගිය 27 වනදා මුහුදු ගිය මරුදන්කේනි වත්තිරායන් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ජෝශප් ප්‍රේම්කුමාර් සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයෙකු වන 21 හැවිරිදි ටි.අරුන්කුමාර් යන අය මුහුදු ගොස් ආපසු නොපැමිණීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් හා නාවික හමුදාවද එක්ව සෝදිසි මහෙයුම් සිදුකලද ධීවරයින් දෙදෙනො සොයාගැනීමට නොහැකිව දින 5 කට පසුව ආඩියාවලෙයි මුහුදු වෙරලට ධීවරයින් දෙදෙනාගේ සිරුරු දෙක ගොඩගසා තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරේ ධීවරයන් පහකගේ මල සිරුරු වෙරලේ! ඉන්දීය ධීවරයන් ඝාතනය කලැයි චෝදනා!
2022-02-03T09:17:00+05:30
Gossip Lanka Hot News





