රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට අමාත්‍ය ධුරයෙන් ඉවත්වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යංශයේ අරුන්දික ප්‍රනාන්දුට අයත් සියලු බඩු බාහිරාදිය අස් කරගෙන අමාත්‍යංශ ගොඩනැගිල්ල භාර දෙන ලෙස එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් බව වාර්තා වේ.
අද අළුයම රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයේ සිටි සිසුන්ට එල්ල වූ මැර ප්‍රහාරය අරුන්දික ප්‍රනාන්දුගේ අනුදැනුම මත සිදු වූ බවට තොරතුරු අනාවරණය වීමත් සමග ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි පැවැසේ.
වෛද්‍ය පීඨ සිසුන්ගේ ප‍්‍රති ප‍්‍රහාර හමුවේ සිසුන්ට පහර දීමට පැමැණි මැර පිරිස එක් වාහනයක් අතහැර පලා ගොස් ඇති අතර එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බව හෙලි වී ඇත.
එමෙන්ම සිසුන් විසින් පහරදීමට පැමිණි මැරයකු අල්ලාගෙන ඇති අතර එම පුද්ගලයාගේ රාජකාරි හැදුනුම්පතේ සදහන්ව ඇත්තේ ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බව යැයි ද පැවසේ.
උපුටා ගැනීම : අරුණ
