gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ කඩුගන්නාව සභාපති අත්අඩංගුවට.. හොර පාස්පෝට් හදා LTTE කාන්තාවන් රට යවලා!

කූට ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ලෙස සඳහන් කූට ලේඛනයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත‍්‍රය සකස් කරගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

මෙම කූට ලේඛනය සකස් කිරීම සඳහා ඔහුට සහාය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා වෙනත් ආයතනයකට මාරු කරනු ලැබූයේ ඉකුත් 2021 වසරේ මැයි මාසයේදී ය.

සමන්ති වීරසේකර
– Divaina


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka