gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කියපු වන්දිය නොගෙව්වාට කොළඹ වරායට ආ එක්ස්ප්‍රස් පර්ල් සමාගමේ වෙන නැවකට යන්න නොදෙයි!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමේ නෞකාවක් කොළඹ වරායේ නැංගුරම්ලා තිබියදී අධිකරණයෙන් ලබාදුන් විශේෂ නියෝගයකට අනුව එය වෙළෙඳ නාවික අධ්‍යක්ෂ කාර්යාලය භාරයට ගෙන තිබේ.

කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් කොහිමා නමැති නෞකාව පෙරේදා (5) රාත්‍රියේදී මෙලෙස වෙළෙඳ නාවික අධ්‍යක්ෂ කාර්යාලයේ භාරයට ගෙන ඇත්තේ කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් 4 වැනිදා ලබාදුන් නියෝගයකට අනුවය.

ඉකුත් වසරේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදුබත් වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 කට අධික වටිනාකමින් යුත් බහාලුම් 6ක් අයත්ව තිබූ සමාගමක් ඒ වෙනුවෙන් හානිපුරණය කිරීම වෙනුවෙන් මීට ඉහතදී නීතිමය පියවර ගෙන තිබිණි.

නමුත් එම හානිපූරණය කිරීම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම සම්පූර්ණ කර නොතිබීම මත එක්ස්ප්‍රස් කැහිමා නමැති නෞකාව රඳවා ගැනීමේ නියෝගයක් අධිකරණය මගින් නිකුත් කර තිබේ.

නාවික නීතිය අනුව මෙවැනි තත්ත්වයකදී අදාළ සමාගමේ වෙනත් නෞකාවක් රඳවාගෙන හානිපූරණ සුරක්ෂිතයක් ලෙස තබා ගැනීමට හැකිවන බවද වාර්තා වෙයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka