ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ දැවැන්ත චරිතයක්.
80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කුමරි, අරලිය, සරසි, සත්සර, රැජිණ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා මෙන්ම 'ලක්බිම' සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතුවරයා ද ඔහු වනවා.
මාධ්‍යවේදියකු වනවාට අමතරව චිත්‍රපට කලාවෙහිද නිරතවූ බන්දුල පද්මකුමාර මහතා පත්තර මහගෙදර වන ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කාලයක් සේවය කළා.
මිය යන විට ඔහු 72 වියේ පසු වුණා.
