දෙරණ ප්‍රවෘත්ති බලන විට තමන්ට කලකිරීමක් ඇති වන බවත් රාත්‍රියට සන්තෝෂයෙන් නිදා ගැනීමට උවමනා නිසා තමා එම ප්‍රවෘත්ති නොබලන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම පවසයි.
තමා රටට ආදරේ බවත් කවර හේතුවක් මත හෝ රට පිළිබඳ වැරදි අදහසක් සමාජයට ලබා දීමට තමා අකමැති බවත් ඇය අවධාරණය කරයි. එදා දිලිත් ජයවීර දෙරණ නිර්මාණය කළේ අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන තේමාව යටතේ බව ද වරුණි අමුණුගම අවධාරණය කරයි.
පසුගිය යුද සමයේ ට්‍රයඩ් ආයතනය නිර්මාණය කළ අපි වෙනුවෙන් අපි දැන්වීම ජනතාව අතරට ගෙන යමින් ජනතාවට ධෛර්යය ලබා දෙමින් මේ රට දිනන රටක් බව ජන හදවත් තුළට ගෙන යාමට මාධ්‍ය කටයුතු කළ බව වරුණි අමුණුගම සිහිපත් කරයි.
එහෙත් ඒ අවස්ථාවේ සමාජ යථාර්ථය යැයි ප්‍රකාශ කරමින් එදා හැම ගමකට ම ගෙන ආ මරණ ද හැම ගමක ම හඬා වැටෙන අම්මලා ද පෙන්නුවේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට රට ම එක්සේසත් නොවන බව දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකාව පෙන්වා දෙයි.
එකල යථාර්ථය කුමක් වුව ද දෙරණ ඔස්සේ අපේ රටට දිනන බවට ජන මතයක් නිර්මාණය කළ බවත් මාධ්‍ය වගකීම එය බවත් වරුණි අමුණුගම ප්‍රකාශ කරයි.
වසන්ති නානායක්කාරගේ පුංචි කාලේ මං කෘතිය එළිදැක්වීමේ උලෙළට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකශ කළාය.
