ජනවාරි මුල් දෙසතියේ ගුවන්තොටුපලින් හඳුනාගත් කොවිඩ් ආසාදිත 300න් 130කට ඔමික්‍රෝන්…
ජනවාරි මුල් සති දෙක තුළ දී රටට ඇතුළු වන සහ පිටවන ගුවන් මගීන්ගේ ආසාදිතයින් අතරින් සිදුකළ ප්‍රභේද පරික්ෂණ 300න් 130 දෙනෙකු ඔමික්‍රෝන් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කරයි.
ආසාදිතයින් රටට අතුළු වීමට පෙර පීසීආර් පරික්ෂණයන්ට ලක්කීරීම සිදු කළ යුතුයැයි සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සදහන් කරයි.
මේ අනුව ගුවන් මගීන්ගෙන් සියය 6ට පමණ කොවිඩ් ආසාදනය වී තිබිය හැකි බවත් ඉන් සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයක් ඔමික්‍රෝන් බවටත් අනුමාන කළ හැකි බැවින් මෙම මගීන් රට තුළට ඇතුලුවීමට පෙර නිරෝධායනය කිරීම අත්‍යවශය වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ.
මෙම ආසාදිතයින් බහුතරයක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් හා ගුවන් ගත විමට දින තුනකට කලින් කොවිඩ් නොමැති බවට වාර්තා රැගෙන පැමිණි අය බවද සදහන් වේ.
ජනවාරි මුල් දෙසතියේ ගුවන්තොටුපලින් හඳුනාගත් කොවිඩ් ආසාදිත 300න් 130කට ඔමික්‍රෝන්…
2022-01-15T14:31:00+05:30
Gossip Lanka Hot News





