gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජපක්ෂලා ෆේල්,රාජපක්ෂලාට ආයේ කවදාවත් බලයට එන්න බැහැ!(VIDEO)

මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට රටක් පාලනය කළ නොහැකි බවයි වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් රටට වැඩක් කිරීමට නම් විධායක බලතල අඩු කළ යුතු බව හෙතෙම කියා සිටියේය.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අඩුකර නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයම 20ට අත එසවීමෙන් ඇති පලක් නැති බව පැවසූ වෙල්ගම මහතා කියාසිටියේ ඔවුන්ටද තමන් ප්‍රමුඛ කණ්ඩායම පමණ ඉදිරියට යාමට පැමිණෙන ලෙස ප්‍රර්ථනා කරන බවයි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka