gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්බූදයෙන් ගොඩ එන සල්ලි හොයාගන්න බැසිල් යළි චීනය-ජපානය දෙසට හැරෙයි! පිටු 10ක වාර්තාවක් ඉදිරිපත් කරයි!

දැනට පවතින මූල්‍ය අර්බූදයෙන් මිදීම සදහා ඉන්දියාවෙන් ලබාගත සහන පැකේජය හා සමාන සහන පැකේජයන් චීනයෙන් සහ ජපානයෙන් ලබා ගත යුතු බව සදහන් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.

පිටු 10ක යෝජනාවක් වන මේ හරහා මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඒ සදහා සාකච්ජා ආරම්භ කිරීමට සූදානමින් සිටින බවකි.

දැනට ලංකාව ණය ලබාගෙන ඇති ප්‍රමාණයෙන් 20%ක කොටසක් ජපානයෙන් සහ චීනයෙන් ලබාගෙන ඇති අතර මෙම සාකච්ජා හරහා ඒවා ගෙවීමේ කාලසීමාව දීර්ඝ කරගැනීම, ගෙවීමට සහන කාලයක් ලබා ගැනීම ආදිය සපුරා ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටින බව වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka