මම නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක්..දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා මම… මගේ කට වහන්න කාටවත් බැහැ – හිටපු ජනාධිපති
මෙරට දේශපාලනයේ සතුටින්ම සිටින දේශපාලඥයා තමන් බවත් තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.
එහිදී වර්තමාන දේශපාලනය ගැන කළකිරීමකින් සිටින්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා… ” මම කවදාවත් කළකිරෙන මිනිහෙක් නෙවෙයි. අවුරුදු 54ක් වෙනවා මගේ දේශපානය. මේ රටේ දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා තමයි මම. නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක් නේ මම.” යනුවෙන් පැවසීය.
මම නිකං ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා ජනාධිපති වෙච්ච කෙනෙක්..දේශපාලනයේ සතුටින්ම ඉන්න කෙනා මම… මගේ කට වහන්න කාටවත් බැහැ – හිටපු ජනාධිපති
2022-01-09T08:19:00+05:30
Gossip Lanka Hot News





