gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කියපු දේ කරනවා කරනවාමයි! ජනපතිගෙන් කුරුණෑගලදී සැර කතාවක්! (VIDEO)

වසර 30ක යුද්ධය වසර 3කින් අවසන් කළ මෙන් තමා ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 3 තුළ ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මධ්‍යම අධිවේග මාර්ගයේ අලුතින් නිම කළ කොටස ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වෙමිනි. 

කොළඹ, නුවර යාකෙරෙන මධ්‍යම අධිවේග මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැමවිටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවය.

තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතුවීමට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

“බාධක මැද්දේ තමයි මේ මාර්ගය අවසන් කළේ. මේක හදලා ඉවර වුණාම කුරුණෑගල සිට මත්තල දක්වා යන්න පුළුවන්.” 

“මම අවුරුදු 5ක් තුළ කරනවා කියපු ඒ වැඩ සියල්ලම ලබන අවුරුදු 3 තුළ කරනවා කරනවාමයි.”  

“මගේ ඇමති මණ්ඩලය, අපිත් එක්ක ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මං ඉල්ලා සිටිනවා බොරු ප්‍රචාරවලට අධෛර්යමත් වෙන්නේ නැතුව අපි ජනතාවට පොරොන්දු වූ වැඩ කොටස මේ අවුරුදු තුනේ කරමු කියලා.” 

“අපි අවුරුදු 3කින් තමයි අවුරුදු 30ක යුද්ධය අවසාන කළේ. එහෙමනම් මේ ඉතිරි අවුරුදු තුනේදී අපි පොරොන්දුවෙන වැඩ කොටස කරන්න පුළුවන්.”

“හැබැයි මාත් එක්ක එකතු වෙන්න. මං ගැන විශ්වාසය තියන්න. අපිට මේක කරන්න පුළුවන්.”  

“මාධ්‍යවලට කියන්නේ අපිත් එක්ක ගහගැනීමක් නෑ මෙතන. අපේ බලාපොරොත්තුව මේ රට හදන එක. මාධ්‍යවේදීන්ගෙන් මං ඉල්ලා සිටිනවා.. ඔබ මේ සංවර්ධනයේ පාර්ශ්වකරුවෙක් වෙන්න.” 

“අපි කවදාවත් ගොවියා අමතක කරන්නේ නෑ..නෑ.නෑ.. මම නැවතත් තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා පුරන් කුඹුරු වගාකරන්න මගෙත් එක්ක එකතු වෙන්න කියලා.”

“ඔබලා එදා යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන් මට ඡන්දය දුන්නා නම් ඒ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකරලා දෙනවයි කියන පොරොන්දුව මත මට සහාය වෙන්න.” 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka