පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකරගැනීම සඳහා තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකුට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් ඒ අනුව මේ මස අවසානයේ පමණ සිට එම සංවිධානය ඍජුව ගණුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බවත් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ සදහන් කර සිටියහ.
වින්දිතයන්ට යුක්තිය සොයාගෙන යන ගමනේ දී එය මහත් රුකුලක් වනු ඇතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
-මව්රට
