මහින්දගේ ගිණුමෙන් සල්ලි ඇද්ද ලොකුබණ්ඩාර අතදිගහැර නයිට් ක්ලබ්වලට වියදම් කරලා! ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බෝතලුත් අරන්!
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ගිණුමෙන් මුදල් ගෙන ඇති ඔහුගේ පාර්ලිමේන්තු ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතා රාත්‍රී සමාජ ශාලාවලට සහ කටුනායක තීරු බදු රහිත වෙළෙදසැල්වලින් මත්පැන් ලබා ගැනීමට පවා එම මුදල් වියදම් කර ඇති බව අනාවරණය වී තිබේ.
අදාළ බැංකුවෙන් සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.
ඒ අනුව ෆ්ලෙමින්ගෝ රාත්‍රී සමාජ ශාලාවට සහ සිනමන් හෝටලයේ රාත්‍රී සමාජ ශාලාවට මෙන්ම රූපලාවන්‍යාගාරවලටද මෙසේ ලොකුබණ්ඩාර මහතා මුදල් වැය කොට ඇති බව අනාවරණය වී තිබේ.
බැංකු ඩෙබිට් කාඩ්පතක් මගින් මෙම වියදම් සිදු කොට ඇති බවද අනාවරණය වේ.
මහින්දගේ ගිණුමෙන් සල්ලි ඇද්ද ලොකුබණ්ඩාර අතදිගහැර නයිට් ක්ලබ්වලට වියදම් කරලා! ඩියුටි ෆ්‍රී එකෙන් විස්කි බෝතලුත් අරන්!
2022-01-29T15:21:00+05:30
Gossip Lanka Hot News





