මීට සති දෙකකට ඉහතදී කටුනායක ගුවන්තොටුපොළින් රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුගේ සහාය ඇතිව ලංකාවට පැමිණ බව කියන එතනෝල් ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරිකයාගේ තවත් කූඨ ව්‍යාපාර රැසක තොරතුරු මේ වනවිට අනාවරණය කරගැනීමට බලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙම කූඨ ජාවාරම්කාරයා සතුව ව්‍යාපාර කිහිපයක්ම තිබී ඇති අතර විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ නිෂ්කාෂණය කිරීමේ ව්‍යාපාරයක්ද තිබී ඇත.
මෙම ව්‍යාපාරය හරහා මෙම කූඨ ජාවාරම්කාර පුද්ගලයා ඉතා අඩු මිලකට භාණ්ඩවල මිල තක්සේරු කොට ලංකාවට ගෙන්වීම හරහා කෝටි ගණනක ලාබ උපයන බව වාර්තා වී තිබේ.
එමෙන්ම එම භාණ්ඩ ලබා ගන්නා සමාගම් කිහිපයක්ම ඇති අතර ඒවාද මෙම භාණ්ඩ විකිණීම හරහා දැවැන්ත ලාබ උපයන බවද අනාවරණය වී ඇත.
ඒ අනුව මෙම සමාගම් කිහිපය එක්ව කාලයක් තිස්සේ අනීතික ලෙස දැවැන්ත ලාබ උපයා ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටින බව මෙම විමර්ශනවලදී හෙළිව තිබේ.
මෙම සමාගම් සහ ඊට අදාළ සියලු පුද්ගලයන්ගේ තොරතුරු ඉදිරි දිනෙකදී අදාළ බලධාරීන් විසින් හෙළිදරව් කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.
-මව්රට
