gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා - නාමල්

‘දේශීය ඉලක්ක ජයගැනීමේ වගකීම වැඩිහිටි පරම්පරාව විසිනුත් ගෝලීය අභියෝග ජයගැනීමේ වගකීම ළමා මෙන්ම තරුණ පරපුර විසිනුත් දැරීමට අද සිටම අදිටන් කරගත යුතුයි’ යයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි‍.

‘2022 එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගීවෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කෙරිණි.

වර්තමානය වන විට මෙම එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ වැඩසටහන සඳහා ලෝකයේ රටවල් 130කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටියි. අවුරුදු 13-24 වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් මිලියන 1.3 කට අධික සංඛ්‍යාවක් මෙහි සමාජිකත්වය ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද මෙම වයස් කාණ්ඩයට අදාළව 40000 කට අධික තරුණ පිරිසක් මෙම තිළිණ වැඩසටහන යටතේ තිළිණ ලබාගෙන තිබේ.

2019/2020 හා 2021 වසරවලට අදාළව සේවා, නිපුණතා, ශාරීරික විනෝද ක්‍රීඩා හා ගවේශණාත්මක චාරිකා යන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දස්කම් පෑ සමාජ ක්‍රියාකාරී තරුණ තරුණියන් 173 දෙනෙකු හට ලෝකඩ තිළිණ 148 ක්ද, රිදී තිළිණ 11 ක්ද, ස්වර්ණමය තිළිණ 14 ක්ද, ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

‘2022 එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවයට’ සුබ පැතුම් එක්කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හුල්ටන් මහත්මිය (Mrs. Sarah Hulton) සුබ පැතුම් පණිවුඩයක් ද එවා තිබිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“රටක් ඉදිරියට යන්න නම් ඒ රටේ  ක්‍රියාශීලී දරු පිරිසක් සිටිය යුතුමයි. ක්‍රියාශීලී පුරවැසියන් පිරිසක් බිහිවන්නේ එවිටයි. සිස්ටම් හදන එක අපට කරන්න පුළුවන් වුණත් මිනිසුන් හදන්නයි අපහසුයි. ගොඩනැගිලි කොයිතරම් ලොකුවට හැදුවත් ඒවා හරියට පාවිච්චි කරන මිනිසුන් හදන එකයි අමාරු කාරණාව. එදා සිංගප්පූරුව ලංකාව දිහා බලලා හදාගත්තේ ඒ රටේ ගොඩනැගිලි නෙවෙයි.රට ගොඩනගන්න උනන්දු වුණු කාලෝචිත ප්‍රතිපත්ති හඳුන්වාදීමට ක්‍රියා කළ මිනිසුන් දිහා බලලයි එදා ඒ අය දියුණු වුණේ. නමුත් අද ඔවුන් ඉන්න තැන බලලා අපි කල්පනා කරනවා අපට ඇයි තාමත් එතැනට යන්න බැරිවුණේ කියන කාරණය පිළිබඳව.

අපටත් ඒ වගේ ගොඩනැගිලි හදන්න පුළුවන්. ඕනිනම් ඊටත් එහාට ගිහින් ඒ දේවල් කරන්න පුළුවන්. දැනටමත් අපි ඒ වගේ දේවල් කරලා තියෙනවා .නෙළුම් කුළුණ, වරාය නගරය වගේ දේවල් ඊට උදාහරණ කීපයක් විතරයි. නමුත් රට කොයිතරම් දියුණු වුණත් ඒ රටේ මිනිස්සු ආකල්පමය වශයෙන් පසුගාමී නම් ඒ සමාජයේ අනාගතය පිළිබඳව දෙවතාවක් හිතන්න වෙනවා.

වරාය නගරය බලන්න ගිහින් ඒක අපිරිසිදු කරනවා නම්, නෙළුම් කුළුණ දිහා බලන ගමන්ම ඒකට ඊර්ෂ්‍යා කරනවා නම් ,ලෝකයේ තාක්ෂණය ඉහළින්ම භාවිත කර හදපු අධිවේගී මාර්ගයක යන ගමන්ම අනෙක් අයගේ වාහනවලට අවහිර වන විදියට ගමන් කරනවා නම් ඒ අයගේ ආකල්ප ගැන අපට දෙපාරක් හිතන්න වෙනවා. එහෙම සමාජයක අනාගතය පිළිබඳව අපට හොඳින් හිතන්න සිදුවෙනවා.

මේ වගේ ඇගැයීමේ උළෙල සංස්කෘතියක් එදා නිර්මාණය කළේ ඒ විදියට නොමඟ යන සමාජයක් සුමඟට ගතහැකි මිනිසුන් සැකසීම වෙනුවෙනුයි.

අපේ අධ්‍යාපන ක්‍රමවේදය පවා ප්‍රතිනිර්මාණය විය යුත්තේ ඒ වෙනුවෙන් යැයි මම හිතනවා. අතීතයේ අපට හොඳ ඉතිහාසයක් වගේම සංස්කෘතියක් තිබුණා. මේ කලාපයේ හොඳම වාරි තාක්ෂණය අපටයි තිබුණේ .ඒ වගේම අපට හොඳ මාර්ග පද්ධතියක් තිබුණා. එදා අපේ රටේ හොඳ මානව සම්පතක් තිබුණා. නමුත් අද රාජ්‍ය සේවයට එන උපාධිධාරීන් මුලින්ම උත්සාහ කරන්නේ කොහොමහරි ගේ ළඟම තියෙන කාර්යාලයට මාරුවීමක් හදාගන්න. එහෙම රාජ්‍ය නිලධාරීන් ඉන්න රටක අනාගත පරපුර බලාපොරොත්තු වන සේවාව ඉටුකරන්න අපට පුළුවන් වේවිද කියන එක ප්‍රශ්නයක්.

රටක් ලෙස ඉදිරියට යන්න නම් මානව සම්පත ගොඩනැඟිය යුතුමයි. අනිත් අයගේ වැරදි අඩුපාඩු ඇති. ඒත් තරුණ ඔබ හැදුණොත් රට හැදෙයි. මේ රටේ අනාගත පරපුර වන ඔබ මේ සම්මාන වගේම සහතිකත් ජීවිතේට එකතුකරගන්න ඕනි. එහෙම නැතුව තවත් එක් රැකියාවකට හෝ සම්මුඛ පරීක්ෂණයකට හෝ පමණක් මෙය පාවිච්චි කරනවා නම් එහි තේරුමක් නැහැ. වැඩිහිටියන්ට සහ නූතන පරම්පරාවට පමණක් ඇඟිල්ල දිගුකිරීමෙන් විතරක් ම මේ ප්‍රශ්න විසදන්න බෑ.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරද්දී සමහරු ඒකට කැමැතියි. ඉතා ඕනෑකමින් අනුගත වෙනවා. නමුත් සමහරු ඒකට කැමැති නෑ. සමහරු තාමත් කැමැති පෝලිම්වල යන්න. ඒ අතර මේ ආණ්ඩුව මාරුවුණාම මේ වැඩසටහන් ඉවරයි කියන අයත් ඉන්නවා. නමුත් තරුණ ඔබ අනාගතවාදීව, සුබවාදීව කල්පනා කළ යුතුයි. නායකත්වය සදහා  ඉලක්කයක් තිබිය යුතුයි. ඉලක්කයක් ඇති කෙනාට කවදාවත් වරදින්නේ නෑ .ඉස්සර හඳට යනවා කියන එක පවා හීනයක් වෙලා තිබුණේ. ඒත් අද හඳට යන්න හීන මවනව ද කියල ඇහුවොත් ඒකටත් කාටූන් එකක් අඳිනවා.

මොන ක්ෂේත්‍රයෙන් වුණත් ඉහළට යන්න නම් ඉලක්කයක් තිබිය යුතුමයි. ඒක පහසු දෙයක් නෙවේ. නමුත් දක්ෂයාට උනන්දුව හා කැපවීම තුළින් කෙසේ හෝ තම ඉලක්කය කරා යා හැකියි.

මේ සම්මාන අද මේ විදියට ඔබට ලැබෙන්නේ ඔබ තුළ ඒ ශක්තිය තිබෙන නිසයි. මේ තුළින් ඔබ ගොඩනැඟිය යුත්තේ විශ්වීය නායකත්වයක්. දේශීය ඉලක්ක ජයගැනීමේ වගකීම වැඩිහිටියන්ට පවරන්න. ඔබ එතැනට කොටුවෙන්න එපා. ජාත්‍යන්තර මට්ටමේ ඉලක්ක ජයගත් අය තමා හැමතැනම ඉහළින්ම ඉන්නේ. අභියෝග, බාධක ප්‍රශ්නයක් කරගන්නම එපා. අධිෂ්ඨානය විතරයි වැදගත්. ඒ සදහා අවශ්‍ය මාවත ඔබ වෙනුවෙන් සකස් කරදීමට අපි නිරතුරුවම සූදානමින් සිටිනවා. යම් දිනෙක යළි මුණ ගැසෙද්දී ඔබලා විශ්වීය ඉලක්ක ජයගත් ඉහළ සමාජ ස්ථරවල සිටින පුද්ගලයන් ලෙස දැකීම අපේ සතුට වනවා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

– මාධ්‍ය ඒකකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka