කොතරම් විදේශ විනිමය සොයා ගත්තද මේ වසරේ විදුලිය කැපීමෙන් ගැලවිය නොහැකි බවත් මෙරට විදුලිය අර්බුදය තව තවත් දරුණු වන බවත් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ 2014 පසුව ජාතික විදුලි බල පද්ධතියට අළුතින් බලාගාරයක් එක් නොවූ බවත් සාම්පූර් බලාගාරය ඉදිකිරීම කිසිදු වග විභාගයකින් තොරව 2015 දී රජය විසින් අත්හැර දැමූ බවයි.
වහලේ සූර්ය පැනල සවි කිරීමෙන් මෙම අර්බුදය ජයගත නොහැකි යැයි පෙන්වා දෙන ආචාර්ය සියඹලාපිටිය සඳහන් කරන්නේ අවශ්‍ය නම් ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පිළිබඳව රජයට නැවතත් සලකා බැලිය හැකි බවයි.
අද දිනයේ නිවැරදි තීරණ ක්‍රියාත්මක කළද මෙරට විදුලි අර්බුදය විසඳෙන්නේ 2026 වසරේදී බව ආචාර්ය තිලක් සියඹලාපිටිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
අන්තර්ජාල නාලිකාවක් සමග ඔහු පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.
