gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහනුවර ජාතික රෝහලේ අවයව ජාවාරමක්? විශේෂ විමර්ශනයක් කරන බව රෝහල් අධ්‍යක්ෂ කියයි!

මහනුවර ජාතික රෝහලේ  අවයව ජාවාරමක් සිදුවන බවත්  ඒ සම්බන්ධව අවධානයක් සහිතව සොයා බලන ලෙසත් ශ්‍රී ලංකාවේ මියගිය දායකයන්ගේ අවයව පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනෙහි නුවර කලාපයේ  ප්‍රධාන   මෙහෙයුම් භාර වෛද්‍යවරයා වූ විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු   මහනුවර  රෝහල් අධ්‍යක්ෂවරයාට  ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මියගිය දායකයන්ගේ අවයව පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහන යටතේ  රට කොළඹ සහ නුවර ලෙස ප්‍රධාන කලාප දෙකකට බෙදා එහි  නුවර කලාපයේ කළමනාකරණය  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවරා ඇත්තේ සනාල සහ බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාරිත ප්‍රනාන්දු වෙතය.

ඔහු සමහර වෛද්‍යවරුන් මූල්‍යමය ප්‍රතිලාභ අපේක්ෂාවෙන්  අවයව ජාවාරමේ යෙදෙන බවට වසර කීපයක්  තිස්සේ මහනුවර රෝහලේ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේ චෝදනාවත් සමගම  මහනුවර ජාතික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් රොහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව අමතමින් මෙම චෝදනාව සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස දන්වා ඇත.

රටේ පළාත් හයක් ආවරණය කරන ප්‍රමුඛතම ජාතික රෝහලක සිදුවන බවට චෝදනා  එල්ල වී ඇති මෙවැනි අවයව ජාවාරමක් සම්බන්ධ  සිද්ධියක්  පිළිබඳව සිදුකර ඇති මෙම ප්‍රකාශය ජනතාව අතර ඉතා වැරදි සහගත ආකල්ප ඇති කරන බවත් රෝහල් පද්ධතිය සම්බන්ධව විශ්වාසය බිඳී යන බවත්  ඔවුන් දක්වා තිබේ.

මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය චාරික ප්‍රනාන්දුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ   රෝහල් පද්ධතිය තුළ සිදුවූ එම සිදුවීම සම්බන්ධව තමන්ට මාධ්‍ය සමග කතා කළ නොහැකි බවය.

මේ සම්බන්ධව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර   ප්‍රකාශ කළේ  වසර ගණනාවක සිට එක් වෛද්‍යවරයෙක් මහනුවර රොහලේ අවයව ජාවාරමක් සිදුවන බවට  පැමිණිලි කරන බවත් මේ වන තුරුත් ඒ සම්බන්ධව කිසිම සාධකයක් සොයා ගත නොහැකි වූ බවත්ය.

කෙසේ වෙතත්  අද (27)    වෛද්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්  තමන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් මේ සම්බන්ධව   අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බැවින් ඊට අදාල පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka